spot_img
spot_img

ගෑස් සිලින්ඩරයෙන් එන නිමල් සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

ඒ එළඹෙන මහ මැතිවරණය සඳහා එම පිරිස ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදීමට නියමිතයි.

කෙසේවෙතත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගත් තීරණයක් අනුව එම පියවර ගත් බවයි නිමල් සිරිපාද සිල්වා මහතා පවසන්නේ.

නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී පුටුව ලකුණ අයත් පොදු ජන එක්සත් පෙරමුණ යටතේ තර්ක කරන බවද ඔහු පවසනවා.

පක්ෂ මූලස්ථානයේ ඊයේ (04) සවස පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් සිරිපාල්ද සිල්වා මහතා මේ බව සඳහන් කළා.

2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...