Wednesday, May 6, 2026
spot_img
spot_img

වරායේ ලොකු පුටුවක මාරුවක් ගැන වාර්තාවක් ඉල්ලයි

වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුර සඳහා නව කළමනාකරණ අධ්‍යක්ෂවරයකු පත් කිරීම සහ එම තනතුරේ සිටි නිලධාරියා ඉවත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත පසුගිය 02වනදා පැමිණිල්ලක් යොමු වී තිබෙනවා.

අදාළ පැමිණිල්ල මත මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ පාර්ලිමේන්තු මහා මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක, මැතිවරණ කොමිෂන් සභාවේ පුර්ව අනුමැතියකින් තොරව සිදු කර ඇති මෙම ස්ථාන මාරුව වහාම අත්හිටුවා, ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින 03 ක් ඇතුළත් යොමු කරන ලෙසයි.

නිදහස් සහ සාධාරණ ඡන්ද වීමසීමක් පැවැත්වීම සඳහා සහාය ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කල ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...