spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය යළි තියන්න – දෙමාපියන් උද්ඝෝෂණයක

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් පිරිසකගේ දෙමව්පියන් අද (30) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ පිවිසුම් දොරටු අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටියා.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමටයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ එම තීරණය සම්බන්ධයෙන් දෙමව්පියන් ලෙස සෑහීමකට පත් නොවන බව උද්ඝෝෂණයේ නිරත දෙමව්පියන් පවසනවා.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ නැවත 2024 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසයි.

මෙම උද්ඝෝෂණයත් සමඟ පොලිස් කැරලි මර්ධන ඒකකය ද අධ්‍යාපන අමාත්‍යංශ අසලට කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...