ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා නව රජය නියෝජනය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් යන තිදෙනාම සහභාගී වනවා.
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රටේ මේ වන විට බලපාන ප්‍රබල තීන්දු රැසක් සම්බන්ධයෙන් තින්දු ගනු ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම් නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් විසින් හෙට දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එල්.පී. තිලකරක්න මහතා දැනුම් දෙනවා.
Comments




