Monday, April 27, 2026
spot_img
spot_img

අධ්‍යාපනයට වෙන්කරන මුදල ගැන හරිනිගෙන් සහතිකයක්

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී ඊයේ (28) පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍යවරිය :

“අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම මත විශාල පීඩනයකින් ඔබ ඉන්නේ. ඔබේ වෘත්තිමය ගරුත්වය රකින අධ්‍යාපනයක් අපි හදනවා.

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්විය යුතුයි. ආර්ථික අර්බුදයත් සමග එක්වර දෙන්න බැහැ. ක්‍රමානුකූලව ඒ ඉලක්කය වෙත යන්න සැලසුම් තියෙනවා. අපේ අයවැය තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා”.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...