Saturday, April 25, 2026
spot_img
spot_img

මෙවර මහ මැතිවරණයේදී මන්ත්‍රීධූරවල වෙනස්කමක්

මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට එක් මන්ත්‍රී ධුරය බැගින් එක්වී ඇති අතර, කොළඹ සහ යාපනයෙන් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී තිබෙනවා.

මේ අතර, 2023 ඡන්ද නාම ලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් ලෙස දැක්වුණු අතර නව වැඩිවීමත් සමග එය දැක්වුණේ 19ක් ලෙසයි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 දක්වා වැඩිවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එමෙන්ම 2023 ඡන්ද නාම ලේඛනයට අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා මන්ත්‍රී ධුර 19ක් හිමිව තිබූ අතර, එය නව සංශෝධනයට අනුව 18ක් බවට පත්ව තිබෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අඩු වී ඇත්තේ 6ක් දක්වායි.

අනෙක් දිස්ත්‍රික්කවල මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැති අතර, ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 12ක් ලෙසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 5ක් ලෙසත්, නුවරඑළියේ 8ක් ලෙසත්, ගාල්ල 9ක් ලෙසත් දැක්වුණා.

ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව දැක්වුණේ 7ක් ලෙසයි.

හම්බන්තොට 7ක් ලෙසත්, වන්නි 6ක් ලෙසත්, මඩකලපුව 5ක් ලෙසත් සඳහන් වුණා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7ක් ලෙස දැක්වුණු අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව සටහන් වූයේ 4ක් ලෙසයි.

කුරුණෑගල 15ක් ලෙසත්, පුත්තලම 8ක් ලෙසත්, අනුරාධපුරය 9ක් ලෙසත්, පොළොන්තරුව 5ක් ලෙසත් දැක්වුණා.

බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව දැක්වුණේ 9ක් ලෙසයි.

මොණරාගල 6ක් ලෙසත්, රත්නපුර 11ක් ලෙසත්, කෑගල්ල 9ක් ලෙසත් සඳහන් වුණා.

මේ අතර මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් සංඛ්‍යාව සහ ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ සඳහන් විය යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...