spot_img
spot_img

“වීසා ගැටලුවට සංචාරකයින්ගේ අඩුවීමක්”

සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ තරමට සංචාරකයන්ගේ පැමිණීම සිදුව නැති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ, ඒ සඳහා බලපෑ හේතු අතර වීසා නිකුත් කිරීමේ ගැටලුවද මූලික විය හැකි බවයි.

පසුගිය මැයි මාසයේ සිට වීසා සැකසීමේ ආයතනය වෙනස්වීමත් සමඟ විදෙස් සංචාරකයන් සඳහා එම ක්‍රියාවලිය වඩාත් මිල අධික හා දුෂ්කර වී ඇති බව සඳහන්.

කෙසේවෙතත් ලබන මස සිට රටවල් 39ක් සදහා වීසා රහිත සංචාරක අවස්ථා ආරම්භ කරන බව සභාපතිවරයා කියා සිටියා.

මේ සැප්තැම්බර් මස 01වැනිදා සිට 17වැනිදා දක්වා විදෙස් සංචාරකයින් 92639දෙනකු පැමිණ තිබෙනවා.

ඒ අනුව මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ පනස්දහසක් බවයි ඔහු පවසන්නේ.

වීසා රහිත සංචාරක අවස්ථා ලබාදීම හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙනු ඇති බවද සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...