spot_img
spot_img

මානව හිමිකම් කොමිසමෙන් ශිෂ්‍යත්ව පත්‍රය ගැන විමර්ශනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අරඹා තිබෙනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ, මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කොමිෂන් සභාව හමුවට හෙට (26) කැඳවා ඇති බවයි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට ඉන් සිදු වූ බලපෑම සහ ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සලකා බලන බවද ඔහු සඳහන් කළා.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශන ආරම්භ කළා.

එම විමර්ශනය අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...