නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේදී අය කර ගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
අද (07) පාර්ලිමේන්තුවේදී කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.ධර්මසේන මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ විදුලි සබඳතා ලබා ගැනීමේ ගාස්තුවෙන් 25%ක් ඒ සඳහා ගෙවිය යුතු බවයි.
මේ අතර, විදුලිය විසන්ධි කළ පසු නැවත ලබාගැනීමේදී අය කළ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර එම මුදල මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් රුපියල් 800 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනව බව පසුගියදා මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පවසා සිටියා.




