රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළා.
යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තුන්දෙනෙකු සිට තිබෙනවා
ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර නේපාල ජාතිකයෙකු ද ඒ අතරට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බවත් අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා.
නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.




