ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් වංචාව පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද (06) රහස් පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා.
සැකකාර සමන් රත්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට කළ නියමයට අනුව ඔහු මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම පාපොච්චාරණය සිදු කර තිබුණා.
ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් වංචාවට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ඉකුත් මාර්තු 01වනදා අත්අඩංගුවට ගැණුනු අතර පසුදින මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
Comments




