Monday, April 20, 2026
spot_img
spot_img

විස්සයි විස්ස තරගයෙන් බංග්ලාදේශය කණ්ඩායමට ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර අද (06) දෙවන විස්සයි විස්ස තරගය සිලෙට්හිදී පැවැත්වුණා.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් පමණක් දැවී ලකුණු 165ක් රැස් කිරිමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 2ක් පමණක් දැවී ලකුණු 170ක් ලබා ගෙන තරගයන් ජය ගැනීමට සමත් වුණා.

එහිදී Litton Das පන්දු 24කදී ලකුණු 36ක් රැස් කළ අතර Soumya Sarkar පන්දු 22කදී ලකුණු 26ක් ලබා ගත්තා.

එමෙන්ම Najmul Hossain Shanto නොදැවී ලකුණු 53ක් රැස් කිරීමට සමත් වූ අතර Towhid Hridoy ද නොදැවී ලකුණු 32ක් රැස් කරමින් බංග්ලාදේශ ඉණිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Matheesha Pathirana කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කවිඳු මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 37ක් ‍රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී ලකුණු 36ක් ලබා ගත්තා.

චරිත් අසලංක ලකුණු 28ක් ලබා තිබියදී දැවී ගිය අතර සධීර සමරවික්‍රම ලකුණු 7කට දැවී ගියා.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar කඩුල්ල බැගින් දවා ගත්තා

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...