තලතා අතුකෝරළගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තමා කණගාටු වන අතර එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසනවා.
ඇය මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී පාර්ලිමේන්තු ඇය කියාසිටියේ තලතා අතුකෝරළ තමා ඉතා සමීපව ආශ්‍රය කරපු කෙනෙක් බවත්, තමාන සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයෙන් කඩා රැගෙන ආවේ තලතා අතුකෝරළ බවයි.
එහිදී වැඩි දුරටත් අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න,
“අතුකෝරළ මැතිණිය එදා කිව්වා රනිල් මහත්තයට බෑ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක යමු කියලා එතුමිය තමයි පක්ෂය කැඩුවේ. එතුමිය පක්ෂය කඩන කොට එතුමියට හිතුණේ නැද්ද මේක. සජිත් ප්‍රේමදාස මැතිතුමා එතුමියට ගරහනවලු. රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් කියලා එතුමිය යනවා නම් ආයේ ටික දවසකින් කියයි රනිල්ට බෑ කියලා. මඩේ හිටවපු ඉන්නක් වගේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට පත් වෙනවා කියන්නේ පසුගිය ඡන්ද වල දෙලක්ෂ පනස්දාහකට සීමා වුණා. ඒක නිසා හරි තතක්සේරැවක් කර ගන්න බැරි නෝනා මහත්මියක් පක්ෂයකට පත්කර ගනීද කියන සැකය අපිට තිබෙනවා. එතුමිය ඉතාමත්ව වැරදි දෙයක් කරා කියලා තමයි මට කියන්න තියෙන්නේ”




