spot_img
spot_img

යූත් එකේ තිබ්බ රනිල්ගේ සමුළුවක් මැතිවරණ නීති උල්ලංඝනය කරලා

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පසුගිය 30 වනදා පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” ජාතික තරුණ සමුළුවේදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා මහරගම පොලිසිය වෙත පැමිණිල්ල ද ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව, මෙහිදී මැතිවරණ නීති උල්ලංඝණය වීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

අදාළ සමුළුවට දිවයින පුරා යෞවන සමාජවල තරුණ තරුණියන් සහ නිලධාරින් සහභාගි වූ අතර, ඔවුන්ට සූදානම් කර තිබූ දිවා ආහාරය ලබා දීම තහනම් කිරීමට මැතිවරණ නිලධාරීන් මැදිහත් වී පියවර ගෙන තිබුණා.

කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ,ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහිදී මැතිවරණ නීති උල්ලංගණය වන අන්දමින් අදහස් පළ කර ඇති බවයි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සදහන් කළේ, එහිදී රාජ්‍ය දේපළ භාවිතා කරමින් තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩාමය ද සමුළුවට යොදා ගෙන මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...