මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ ජුලි මස 02 වනදා වන අතර, අගෝස්තු මසදී ද සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ.
ඒ අනුව, මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482ක්.
එමෙන්ම, කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ද වෙනවා.




