spot_img
spot_img

රටට අහිතකර කිසිම දෙයක් අපේ ප්‍රතිපත්තියේ නැහැ – නාමල්

රටේ ඒකීයත්වයට හානිවන කිසිඳු වැඩපිළිවෙළක් තමන් සතුව නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (30) බියගම පැවැති ජන රැලියකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“අපි හදන ප්‍රතිපත්ති හදන්නේ දෙවුන්දරතුඩුවේ ඉඳන් පේදුරුතුඩුව නියෝජනය කරන මේ මාතෘභූමියේ මහ පොළවේ පයගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ විරැකියා ප්‍රශ්ණයට විසඳුමක් මිසක් එක් එක් දේශපාලන අරමුණු තියන අයගේ ප්‍රශ්ණවලට විසඳුම් හොයන්න නෙමෙයි. ඒ නිසා අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ ඇතුළේ මේ රටට අහිතකර නීතියක් හෝ පනතක් නැහැයි කියන එකත් මේ රටේ ඒකීයත්වයට බලපාන කිසිම වැඩපිළිවෙළක් නැහැයි කියන එකත් මේ රටේ ග්‍රාමීය ආර්ථිකයේ ඉඳන් ජනතාවගේ සුබසිද්ධිය සඳහා ගොඩනගන ප්‍රතිපත්ති පමණක් තියනවා කියන එකත් අපි මතක් කරන්න කැමතියි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...