spot_img
spot_img

මැතිවරණයේ කැන්වසින් යන්න තහනමක්

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහැර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, එලෙස කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී තිබෙනවා.

තවද මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසද දැනුම්දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව කොමිසමේ නිලධාරියෙක් වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...