spot_img
spot_img

දොට්ට දැම්ම කතාවට රංගෙගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමාව ඉවත් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පැවසුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාව ඉවත් කළ බවට මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.

සියලු චෝදනා සඳහා තමන් නුදුරේදීම පිළිතුරු ලබාදෙන බව තමන් ඉවත් කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

“මම තාම මහලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම කරලා නැහැ. ඒ වගේම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාව මහලේකම් ධුරයෙන් ඉවත් කළා කියලා මේ දක්වා නිල දැනුම්දීමක් කරලත් නැහැ… මේ සියලු චෝදනාවලට මම පිළිතුරු දෙනවා. මම මහලේකම් ධුරයෙන් ඉවත් කළත්, ඉවත් වුණත් මම යූ.එන්.පී කාරයෙක්. පස්සේ හම්බවෙමු. ගෙදර යනවා..”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...