Tuesday, April 21, 2026
spot_img
spot_img

ජනතාවගෙන් බදු අයකර ගන්න ඕන මල නොතලා රොන් ගන්නවා වගේ -ජනාධිපති

අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්තද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වු ජනාධිපති,

“ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පෙන්නේ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නෙතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා. මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න. අපි එහෙම අනතුරුදායක තත්ත්වයකට පත්වුණේ ඇයි. ආර්ථිකය බංකොලොත් වුණේ ඇයි.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...