spot_img
spot_img

වැසිකිළියට ගිය රැඳවියෙක් පලා ගිහින්

නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට කලුවංචිකුඩි අධිකරණයට රැගෙන ආ රැඳවියෙකු අධිකරණ සංකීර්ණයේ වැසිකිළි වහලයේ කොටසක් කඩා ඉන් පැනගොස් තිබෙනවා.

එරාවුර් අධිකරණය විසින් නියම කළ සිව් වසරක සිරදඬුවමක් මත මෙම රැඳවියා මඩකලපුව බන්ධනාගාරයේ රඳවා තබා ඇති අතර නියමවූ සිරදඬුවමෙන් වසරක් සම්පූර්ණ වූ පසු වෙනත් නඩුවක් සඳහා ඊයේ (27) කලුවංචිකුඩි අධිකරණයට මෙම රැඳවියාව ඉදිරිපත් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

එම අවස්ථාවේදී ඔහු මෙලෙස පළාගොස් තිබෙනවා.

ඔහු කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි බාලසුන්දරම් ගෝපිනාත් නම් පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...