spot_img
spot_img

රනිල් ගැන හිතලා ඡන්දෙ දෙන්න එපා – රාජිත

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් බොහෝ දෙනා මෙරට හැර යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව මෙවර ඡන්දය දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයා ගැන සිතා නොව තමන් ගැන සිතා රට වෙනුවෙන් බව‍යි ඔහු පවසන්නේ.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරයා තමන්ට හැකියාව ඇතැයි පෙන්වා ඇති බවත් තවත් අයකුට අවස්ථාව දීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඔහු පවසනවා.

එවන් අත්හදා බැලීමකට ගොස් වැරදුනොත් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.

ඉදිරියේදී යළි අරගලයක් පැමිණියහොත් පසුගිය වරක් පොහොට්ටුවේ ගෙවල් මෙන් මෙවර අරගලයක් පැමිණියහොත් අනෙක් අයගේද ගෙවල් ගිනි තැබීමට ඉඩ ඇති බවත් ඊට අවස්ථාව ලබා නොදිය යුතු බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...