spot_img
spot_img

Breaking : රනිල්ගෙන් විශාල සහනයක්

උපයන විට ගෙවන බද්ද හෙවත් PAYE බද්ද සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණ ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේ දී දැනුම් දෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (28) ඇහැලියගොඩ දී පැවති ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානයයි අපියි එකඟ වෙලා තියෙනවා, ඒක සංශෝධනය කරන්න වුවමනායි කියලා. මූලික තීරණය අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතිං මේ යෝජනා දෙක සාකච්ඡා කරලා අපි එකඟත්වයකට ආවාම ඒ නියම ගාණ අපි මෙතන දැනුම් දෙන්නන්.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...