spot_img
spot_img

පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා – සජිත්

අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මඩකලපුව එරාවුර් නගරයේ දී පැවැති ජන රැළියක් අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඊශ්‍රායල් රටේ ත්‍රස්තවාදි ප්‍රහාරයට මුහුණ දෙන පලස්තීන ජනතාව වෙනුවෙන් සෘජුවම පෙනී සිටියේ තමා ඇතුළු සමගි ජන බලවේගය බවත් ඊශ්‍රායල් ආණ්ඩුවට පලස්තින ජනතාව සමූල ඝාතනය කරන්න අයිතියක් නොමැති බවයි.

මේ රටවල් දෙක සහෝදරත්වයෙන් මිත්‍රශීලීත්වයෙන් සාමකාමීව ජීවත් විය යුතු බවද එහිදී ඔහු කියා සිටියා.

එමෙන්ම ජාතික සමගිය තමාගේ ගමනේ ප්‍රධාන අරමුණ බවත් ජාති ආගම් කුලමල පන්ති පක්ෂ කිසිදු භේදයෙන් තොරව ජාතික ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවත් රටේ සෑම ආගමකටම ජාතියකටම ඇති අයිතිය ආරක්ෂා කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

කොරෝනා සමයේ ආදාහන භුමදාන ගැටලුවේදී එවක රජය ඉස්ලාමීය ජනතාවගේ භූමදාන අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ සමගි ජන බලවේගය බවත් WHO නිගමන හරහා භූමදානයට පක්ෂව තමා ඇතුළු පිරිස හිටගත්තත් එවක ආණ්ඩුව ක්‍රියාත්මක වූයේ ජාතිවාදී ආගම්වාදී ප්‍රතිපත්ති පෙරටු කර ගෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...