spot_img
spot_img

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනේ ම හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90ක් පමණ වන බවයි.

ස්ථාවර රටකට – සැවොම එක මගකට යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළා.

එමෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් එහි කොමසාරිස් ජනරාල් එම මාධ්‍ය හමුවේ දී අදහස් පල කළා.

එහිදී එම්.ජේ ගුණසිරි මහතා දැක්වූ අදහස් :

“අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ බලපත්‍ර නිකුත් කිරීම හරහා රුපියල් බිලියන 2ක් එකතු කරගැනීම. ඒ අනුව අපි මේ වෙනකොට බලපත්‍ර නිකුත් කිරීම හරහා බිලියන 1.75ක් හොයලා තියෙනවා. ඊළඟට බලපත්‍ර අපි 2023 මැයි සිට අගෝස්තු 20 වෙද්දි බලපත්‍ර 98ක් නිකුත් කරලා තියෙනවා. 2022 දී අපි හොයලා තියෙනවා බිලියන 169ක්. 2023 අපි හොයලා තියෙනවා බිලියන 179ක්. 2024 ඉලක්කය රුපියල් බිලියන 232ක්. අගෝස්තු 22 වෙද්දි රුපියල් බිලියන 132.7ක් හොයලා තියෙනවා. ප්‍රතිශතයක් විදියට 24.6%ක වර්ධනයක්.”

මේ වසරේ මුල් මාස 06 තුළ සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට හැකිවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් සමන් ශාන්ත මහතා පැවසුවා.

රේගු දෙපාර්තමේන්තුව උපයා ඇති ආදායම සම්බන්ධයෙන් එහි මූල්‍ය නිලධාරී අනුර මුතුකුඩ මහතා මෙලෙස අදහස් පළ කළා.

“රේගුව ආදායම් රැස්කිරීම සම්බන්ධයෙන් අපේ ඉලක්කය රුපියල් බිලියන 1533ක්. මේ දෙසැම්බර් වෙද්දි එක්රැස් කිරීමට. අගෝස්තු 25 වෙද්දි රුපියල් බිලියන 938.0%ක් රැස් කරගෙන තියෙනවා. සමස්තයක් ලෙස 2024 රුපියල් බිලියන 1503ට සාපේක්ෂව 61%ක ප්‍රතිශයකින් අපි ආදායම් රැස්කරගෙන තියෙනවා. විශේෂයෙන් 30.4%ක් ඉක්මවා ගිය පුරප්පාඩුවක් සමග තමා මේ ආදායම් රැස්කිරීමේ කාර්යට එක්වෙලා ඉන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...