spot_img
spot_img

ජන­තාවගේ දුක දැක දැකත් සජිත්-අනුර අහක බලා­ගත්තා – රනිල්

එදා ජන­තාව විඳි දුක දැක දැකත් අනු­කම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේම­දාස සහ අනුර දිසා­නා­යක රට ඉදි­රි­යට ගෙන­යෑ­මට සුදුසු දැයි මේ රටේ ජන­තාව තීර­ණය කළ යුතු බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසනවා.

ජනා­ධි­පති රනිල් වික්‍ර­සිංහ මහතා මේ බව සඳ­හන් කළේ ඊයේ (23) පස්ව­රුවේ මඩ­ක­ල­පුව, එරා­වුර් අහ­මඩ් ෆරීද් ක්‍රීඩාං­ග­ණයේ දී පැවති ‘පුළු­වන් ශ්‍රී ලංකා’ විජ­ය­ග්‍රාහී ජන රැලි­යට එක්වෙ­මින්.

එළැ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය තහ­වුරු කිරීමේ අර­මු­ණින් පැවැති මෙම ජන­හ­මු­වට සිංහල, දෙමළ, මුස්ලිම් භේද­ය­කින් තොරව ප්‍රදේ­ශයේ අති­වි­ශාල ජන­තා­වක් එක්ව සිටි­යහ. ජන­හ­මු­වට එක්වූ ජනා­ධි­ප­ති­ව­ර­යාව එම ජන­තාව මහත් හර­ස­රින් යුතුව පිළිගනු ලැබුවා.

මෙහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා,

“මීට වසර දෙක­කට පෙර ආහාර නැතිව, ගොවි­තැන් කිරී­මට පොහොර නැතිව ජන­තාව සිටියා. ගොවි­තැන් කිරී­මට පොහොර නොමැ­තිව ගොවීන් අස­රණ වුණා. ආහාර, ඖෂධ නොමැ­තිව ජන­තාව ඉතා අසී­රු­වෙන් ජීවත් වුණා. මා 2022 වසරේ ජූලි මාසයේ දී ආණ්ඩුව භාර­ගෙන මුලින්ම කට­යුතු කළේ ගොවි ජන­තා­වට අවශ්‍ය පොහොර ලබා­දී­ම­ටයි. මෙහිදී 2022, 2023 යල, මහ කන්න සාර්ථක වුණා.

මා රට භාර ගන්නා විට ඩොල­ර­යක මිල රුපි­යල් 370 දක්වා ඉහළ ගොස් තිබුණා. අද ඩොල­ර­යක මිල රුපි­යල් 300ක්. මේ රට මා භාර ගනිද්දි දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 76කට අඩු වී තිබුණා. 2023 අව­සන් වන විට එය ඩොලර් බිලි­යන 84ක් බවට පත්කර ගැනී­මට කට­යුතු කළා.

ජන­තා­වට තව­දු­ර­ටත් සහන ලබා­දිය යුතුයි. ඒ වගේම දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 89ක් බවට පත්කර ගත යුතුයි. උද්ධ­ම­නය සිය­යට 9ක් බවට පත්ක­ර­ගත යුතුයි. එවිට රුපි­යල තවත් ශක්ති­මත් වෙනවා. එප­ම­ණක් නොවෙයි දළ දේශීය නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන 92ක් බවට පත්කර ගත­හොත් රුපි­යල තවත් ශක්ති­මත් වෙනවා. අද අප සිදු කරන්නේ එම කට­යු­ත්තයි. එම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට සජිත්ට හෝ අනු­රට හැකි­යා­වක් නැහැ. රට භාර ගන්නා ලෙස ඉල්ලූ විට සජිත් සහ අනුර පැනලා දිව්වා. එවන් පිරි­ස­කට රටක් පාල­නය කළ හැකිද ජන­තාව අසී­රු­තා­වට මුහුණ දුන් අව­ස්ථාවේ ඔවුන් පැනලා ගියා.

මට තිබුණේ තනි මන්ත්‍රී ආස­න­යක්. නමුත් ජන­තාව දුක් විඳින නිසා මම මේ රට භාර ගත්තා. ජන­තාව දුක් විඳින අයුරු මම දැක්කා. ත්‍රීවීල් රියැ­දු­රන්ට හයර් එක්ක යෑමට නොහැකි වුණා. මේවා දැකලා මේ නාය­ක­යන් අනු­කම්පා කළාද? නමුත් ඒ අව­ස්ථාවේ රට භාර­ගත් මම ද්‍රෝහි­යෙක් කියලා අද ඔවුන් කිය­නවා. මම හොරු ආරක්ෂා කර­න­වලු. ඔවුන් හිතන්නේ එප­ම­ණයි. ජන­තා­වගේ දුක ගැන ඔවුන් හිතුවේ නැහැ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...