අකුරණදී ඊයේ (23) පවත්වනු ලැබූ සමඟි ජන බලවේගයේ රැලිය අතරතුරදී මන්ත්‍රී රවුෆ් හකීම්ට එම රැලිය ඇමතීමට අවස්තාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව වාර්තා වෙනවා.
මෙම විරෝධයට මූලික හේතුව වී ඇත්තේ රවුෆ් හකීම් ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර බව හෙළි වී තිබෙනවා.
මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් ජීවත්වන අකුරුණ ප්‍රදේශය තුළදී මෙම විරෝධය එල්ලවීම විශේෂත්වයක්.
හූ හඬ මධ්‍යයේ වුවද රැලිය ඇමතීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රස් නායක රවුෆ් හකීම් නැගී සිටියද ජනතා විරෝධය දැඩි වීමත් සමග ඔහුට විනාඩියක පමණ කාලයකින් වේදිකාවෙන් බැස යාමට සිදුව ඇති බවද වාර්තා වෙනවා.




