spot_img
spot_img

නූතන පරම්පරාවේ දරුවන් බිහි කරනවා – නාමල්ගෙන් මරු වැඩක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය යනු රටේ දේශපාලන සිතියම වෙනස් කල දේශපාලන බලවේගයක් බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, හැටනම ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් මහජනතාවට සහ රටට හානියක් වන කිසිදු දෙයක් නොකරන බවයි.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති සිය මංගල මැතිවරණ රැලියට එක්වෙමින්.

කළ හැකි දේ කළ හැකි යැයි පවසන බවත් කළ නොහැකි දේ කළ නොහැකි බව ඍජුව පවසන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම තාක්ෂණයත් සමග බද්ධ කරමින් නූතන පරම්පරාවේ දරුවන් බිහි කිරීමටත් තරුණ පරම්පරාවක් ගොඩනැගීමටත් සූදානම්බ වයි ඔහු පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“අපේ පක්ෂය මේ රටේ දේශපාලන සිතියම වෙනස් කරපු දේශපාලන බලවේගයක්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ මාතෘ භූමියේ මායිම් ගම්මාන කියන වචනය ශබ්දකෝෂයෙන් අයින් කළා. මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළා. ගමේ අම්මා තාත්තාගේ දරුවන්ට හොඳ ආර්ථිකයක් ලබා දෙන්න කටයුතු කළා. 2015 දී අපි පරාජය වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට භාරගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ භාර දීපු රට නෙවෙයි. ආර්ථික වශයෙන් වැටුණු රටක්. කෝවිඩ් 19 වසංගතය ආවා, අපි ඒකට මුහුණ දුන්නා. එදා එන්නත් ගෙනත් දෙන්න කිව්වම අපි එන්නත් ගෙනත් දුන්නා. විශේෂඥයන්ගේ උපදෙස් අරගෙන ගෝඨාභය මහත්තයා ජීවිත බේරලා දුන්නා.

අපිට තිබ්බේ ආර්ථිකයද ජීවිතයද කියන කාරණාව පිළිබඳව අපේ අවධානය යොමු කරන්න. එදා ගෝඨාභය මහත්තයත් මහින්ද ජනාධිපතිතුමත් තීරණය කරා අපි ජීවිත බේරගන්න ඕනේ කියන කාරණය. ඔබට මතක ඇති එදා තරුණයෝ එකතුවෙලා ඇඳන් දහදාහක් අපේ රටේ හැදුවා. නිරෝධායන මධ්‍යස්ථානවලට අපේ රටේ තරුණ පරම්පරාව උදව් කෙරුවා.
වැඩිහිටියන්ට පන්දාහේ ඒවා තුන් වතාවක් ගාණෙ පහළොස්දාහක් අපි මේ රටට දුන්නා. අපි මිනිස්සු බඩගින්නෙ මැරෙන්න ඉඩ දුන්නේ නෑ. අපි විශ්වාස කරනවා යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයක් නිසා ආණ්ඩුව වැට්ටුවා කියා. හැබැයි අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නෑ. ඒ ආණ්ඩුව වැටුණත් රාජ්‍ය රැකගන්න තියෙන අවශ්‍යතාවය නිසා.

අපි අභියෝගවලට බය නෑ මම අභියෝගවලට ආදරය කරනවා. ඒක තමයි මම මගේ තාත්තාගෙන් ඉගෙන ගත්තු දේ.
අපි වෛර කරන්නේ නෑ. අපිට මඩ ගහලා ඵලක් නෑ. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා. ප්‍රතිපත්තිය ආරක්ෂා කරන බල කඳවුරක්. එහෙම නම් අපි වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යමු.

පහුගිය කාලේ ජනාධිපතිතුමනි, මේ හැටනම ලක්ෂය ගැන කතා කෙරුවා. ඒ අයගේ ගෞරවය ගැන කතා කෙරුවා. ඒ අයගේ බලාපොරොත්තු ගැන කතා කෙරුවා. වගකීමකින් මගේ ආදරණීය අම්මේ තාත්තේ මම කියනවා හැටනම ලක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන්න අපි ඇප කැපවී කටයුතු කරන බව. අවසාන වශයෙන් මගේ ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, අපි මේ රටට ආදරේ කරනවා. අපි මේ රටට ද්‍රෝහීකම් කරන්නේ නෑ.

අපේ මහජනතාවටත් රටටත් හානියක් වන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. ඒ වගේම තාක්ෂණයත් එක්ක බද්ධ කරමින් නූතන පරම්පරාවේ දරුවන් බිහිකරන්න නූතන පරම්පරාවේ තරුණ පරම්පරාවක් ගොඩනගන්න අපි සූදානම්. මම සූදානම්. මම ඔබට ආරාධනා කරනවා, අපි සූදානම් මේ රටේ ඊළඟ පියවරට රැගෙට යන්න. මම සූදානම් මේ රටේ අම්මා තාත්තා අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙළ භාරගන්න

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...