2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ,මස්කෙලිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදි පාක්ෂිකයන් අමතමින්.
එස්.බි දිසානායක මහතා පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කල බවයි
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල් වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කල බවයි ඔහු පවසන්නේ.
නාමල් රාජපක්ෂ මහතා මෙම මැතිවරණය සදහා තවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට එකගතාවය පල කිරිමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා මම පරදින්න ජන්දය ඉල්ලන්නේ නැ යනුවෙන් පවසමින් ඉවත් වු බව එස්.බි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.




