spot_img
spot_img

මං මහින්ද වෙනුවෙන් රට වටේ ගියා – ප්‍රසන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගෙන්වා පොහොට්ටුව සෑදීමට තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැනම නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට ගේන්න පොහොට්ටුව හදන්න තමා රට වටේ ගිය කෙනෙක් බවත්, පරදින බව දැන දැන නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19) කුරුණෑලගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ජනාධිපතිවරණ ඒකාබද්ධ කමිටු පිහිටුවීමේ සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී ඔහු පවසා සිටියේ තමා නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

නමුත් මේ අවස්ථාවේදී දිනන අපේක්ෂකයෙකුට උදව් කර මේ රටේ පවතින ආර්ථික අර්බුධයෙන් ගොඩගැනීමට සහයෝගය දිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංගමහතා :

“ 2015 දී මහින්ද මහත්තයා පැරදුනාම අපේ පක්ෂයේ තනතුරුලාභීන් මහින්ද මහත්තයා අතහැරලා ගියා. ඒ වේලාවේ එකම ධූරධාරියා ලෙස මම මහින්ද සුළඟ අරගෙන රට වටේ ගියා. එතුමා යුද්ධය අවසන් කළ නිසා යුතුකම් ඉටු කරන්න ඕනි නිසා අපි ඒ දේ කළා. අපිට හැමදාම වැරදුන තැන් තිබුණා. අපි විපක්ෂයේ ඉන්නකොට සියළු දෙනා එකට එකතු වී කටයුතු කළා. බලයට ආවම ඒ දේ නැති වෙනවා. මහින්ද මහත්තයා බලයට ගේන්න පොහොට්ටුව හදන්න මම රට වටේ ගිය කෙනෙක්. 2019 ජනාධිපතිවරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ගේන්න එපා කියපු කෙනෙක් මම. එතුමා තරඟ කරන්න බැහැයි කියද්දිත් පවුලේ සියළු දෙනා එකතු වෙලා කතා කරා ගෝඨාභය මහත්තයා දාමු කියලා. ඒ වෙලාවෙත් අපි ඒකට එකඟ වුණා. අපි එතුමාව ජයග්‍රහණය කරා ගෙන ගියා. ඉන්පසු අපි පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා. අපි බලය පිහිටුවලා කටයුතු කරන්න පුළුවන් වුණේ අවුරුදු දෙකයි. අපේ නායකයෝ අපිව දාලා ගියා.

2019 දී ජනාධිපති වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති වුණේ මහින්ද රාජපක්ෂ මහතා, මුදල් ඇමති වුණේ බැසිල් රාජපක්ෂ මහතා, චමල් මහත්තයයි නාමල් මහත්තයයි දෙන්නම ඒ කැබිනට් එකේ හිටියා. මමත් හිටියා. පොහොර ප්‍රශ්නය එනකොට ඒකට අපි කතා කරනකොට අපේ මතයට ගරු කළේ නෑ. ඒ අයගේ මතයට වැඩ කළා. අපි පොහොට්ටුව නියෝජනය කරන්නේ සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය එක්කයි. අපිට ගොවීන්, ගුරුවරු, කම්කරුවෝ ටික නැති වුණා. මිනිස්සු අපිට බලය දුන්නට අපේ නායකයෝ අපිව රැකගත්තද කියලා ගැටළුවක් තියෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...