spot_img
spot_img

පොහොට්ටුවේ හිටපු ප්‍රා.ස මන්ත්‍රීවරු 17කගේ සහාය රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්ව තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා සමඟ පැවති හමුවකින් අනතුරුවයි.

එහිදී එම නියෝජිතයන් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුකෙරුණා.

එහිදී අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පී. හැරිසන්, ඩබ්ලිව්. බී. ඒකනායක යන මහත්වරුන් ලිපි භාර ගත්තා.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයක් හිමිවුණේ මීට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාටයි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයෙක් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පත්කෙරුණු අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගිත්වයෙන් තවත් 295 දෙනෙකුට දිස්ත්‍රික් හා කලාප සංවිධායක ධුර පිරිනැමුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...