මෙරට කාන්තාවන් ස්ථිර වශයෙන්ම ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරා ගෙනයන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය පවසනවා.
රටේ ඊළඟ ජනාධිපතිවරයා බිහිකිරීමේ බලය කාන්තාවන් සතු බවයි ඒ මහත්මිය පවසන්නේ.
ඇය මේ බව කියා සිටියේ, කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින්.
මෙවර බහුතර ඡන්දදායකයින් ප්‍රමාණයක් නියෝජනය කරන්නේ කාන්තාවන් බැවින් ජනාධිපතිවරණයේදී මේ රටේ කාන්තාවන් ස්ථිර වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරා ගෙන යන බවයි කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ.
වැටිච්ච රටක් හීන ලෝකයක් මවන අකාරයට පලමු අවස්ථාවෙන්ම රට ගොඩ ගැනීමට නොහැකි බව ඇය වැඩිදුරටත් පැවසුවා.




