spot_img
spot_img

රාජපක්ෂ පවුලේ දේශපාලනය අතුගාලා දාන හැටි පාඨලී කියයි

පසුගිය වතාවේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියා සේම මෙවර ආචාර්ය, මහාචාර්ය වෙස් මුහුණෙන් ජාතික ජනබලවේගය පැමිණියද එහි ඇතුලත සිටින්නේ රට තුළ කැරලි දෙකක් මෙහෙයවා තරුණ ජීවිත අහිමි කරමින් ලේ ගංගා ගලා යාමට සැලැස්වූ ජනතා විමුක්ති පෙරමුණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින්.

ඔහු පවසන්නේ, ස්වෛරීභාවය අහිමි කර, රට බංකොලොත් කරමින් ජනතාව දුගී දුප්පතුන් බවට පත් කළේ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අය බවට අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණය නියතයෙන්ම තීරණය කර ඇති බවත් නමුත් තවමත් ඔවුන්ට දඬුවමක් නැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා:

“2019 කූට නාටකයක් රඟදැක්වූවා, ජනමාධ්‍ය වල සෙල්ලමක් ගෙනිච්චා රටේ ජාතික ආරක්ෂාව අනතුරේ, රටට උගත්තු වියත්තු ඕනේ, රටේ හැමතැනකම බෝම්බ බිය මුස්ලිම් ජනතාවගේ බිය මතු කරලා ඒ නාටකය හරහා ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා. මේ රටේ හෙළ වෙදකමට නිගා දෙමින් ධම්මික පැණියක් ගෙනල්ලා කොවිඩ් වලින් තිස්දාහක් ඝාතනය කරන්න කටයුතු කළා. හෙළ ගොවිතැනට නිගා දෙමින්, අකාබනික දේවල් දාන්න එපා කියලා, අපේ කුඹුරු ගොවිතැනට, තේ වගාවට, රබර් වගාවට සම්පූර්ණයෙන් විනාශය කැන්දෙව්වා. වේල් තුන කාපු මිනිස්සු, රොටියයි, ලුණු මිරිසයි කන තැනට මහින්ද මහත්තයා පත් කළා නේද?

අද ශ්‍රේෂ්ඨාධිකරණය කෙලින්ම තීරණය කරලා තියෙනවා, මේ රට බංකොලොත් කරලා, ස්වෛරීභාවය අහිමි කරලා, මිනිස්සුන්ව දුගී දුප්පත්කමට අතෑරියේ, ව්‍යාපාරිකයන්ට මිනිස්සුන්ට තරුණයින්ට අනාගතයක් නැති කළේ. මහින්ද රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ කියලා. ඒගොල්ලන්ට තාම දඬුවමක් නෑ. අපිට පුළුවන් හොඳ දඬුවමක් මහින්ද මහත්තයාට දෙන්න. ඒ කොහොමද? විසි එක් වෙනිදට නාමල් පුතාව බින්දුවට බස්සලා, මහින්දට අපි දඬුවම දෙමු මිත්‍රවරුනි. අන්න එහෙමයි මහින්ද මහත්තයෝ 1931 න් ඇතිවෙච්ච ඕගොල්ලන්ගේ පවුලේ දේශපාලනය මේ සැප්තැම්බර් 21 වෙනිදා අතුගාලා දාන්නේ.

අද වෙස් මුණක් දාගන ඉන්නවා ආචාර්ය මහාචාර්ය අර විද්වත් මේ විද්වත් කියලා. ඔය වෙස් මූණම තමයි නූගත් ගෝඨාභය දාගෙන ආවේ. ඒක නිසා මේ මාලිමාවේ ආචාර්ය, මහාචාර්ය වෙස් මූණු වලට අපි කියන්නේ ඔය පිටරට ඉඳන් පැල් බැඳගෙන ඇවිල්ලා ඡන්දේ දෙන අයට අපි කියන්නේ, ‘අපි ගෝඨාට’ කියාගෙන ඕගොල්ලෝ ඇවිල්ලා, මේ රටේ ලක්ෂ දෙසීය විස්සක් අමාරුවේ දැම්මා. ඒ අමාරුවේ දාපු වංචාවේ මතක අපට තියෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...