Thursday, June 4, 2026
spot_img
spot_img

රනිල්ට මැතිවරණ කොමිසමෙන් තහනමක්

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය වන ආකාරයට පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි හෙයින් එය නතර කිරීමට මෙසේ නියෝග කෙරුණු බවයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධාන කරන්නේ නම් කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

මේ පිළිබඳව ආරංචි වීමෙන් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසා තිබෙනවා.

මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිදු ගැටලුවක් නැති බවයි ඔහු පවසන්නේ.

මෙම ජය පිරිත පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඒ පිළිබඳව සොයා බැලීමට කණ්ඩායම් කිහිපයක් එහි පිටත් කර යවා තිබෙනවා.

ඒ අනුව කළ විමර්ශනවලදී එය සත්‍යයක් බව හෙළිදරව් වීමෙන් පසු අදාළ සංවිධායකයන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා කොමිෂන් සභාවේ ස්ථාවරය ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

මේ අනුව එම ජය පිරිත වෙනත් ස්ථානයක පවත්වන බව සංවිධායකයන් එම මැතිවරණ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති බවයි වාර්තාවන්නේ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...