spot_img
spot_img

භයානක රෝගයක් ගැන අනාවරණයක්

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී තිබෙනවා.

කොංගෝ හි එම රෝගය වැළඳී දී පුද්ගලයින් 450 ක් පමණ ජීවිතක්ෂයට පත් වී ආසාදිත වූ ගණන 14,000කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙන්.

මේ වනවිට මෙම රෝගය බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කෙන්යාව සහ රුවන්ඩාව වැනි රටවලින් වාර්තා වී තිබෙනවා.

‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙනවා.

සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...