spot_img
spot_img

විමල්ගෙන් ආගමන හා විගමන නිලධාරීන්ට නඩු

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා ආගමන හා විගමන නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

ඒ පසුගිය යහපාලන රජය සමයේ කිසිදු හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම තුළින් සිය කීර්තිනාමයට හානි සිදුවූ බව පවසමින්.

අද (12) පවරා ඇති මෙම නඩුව තුළින් වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී එරංග රඹුක්වැල්ල, ජ්‍යෙෂ්ඨ බලයලත් නිලධාරී සුජීව රත්නායක හා නීතිපතිවරයාව නම්කර තිබෙනවා.

අදාළ පෙත්සම තුළින් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ තමන් 2015 වසරේ ඔක්තෝබර් මස 23 වනදා විදේශීය රටවල් තුනක පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණවලට සහභාගීවීම සඳහා ඩුබායි බලා පිටත්වයාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි.

එහිදී විදේශගත වීම සඳහා තමා රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ බවත් එහි සිටි ආගමන හා විගමන නිලධාරීන් දත්ත පද්ධතිය පරීක්ෂා කර එය අක්‍රීය ගුවන් බලපත්‍රයක් බවට ප්‍රකාශය කළ බවත් එම පැමිණිල්ලේ සඳහන්ව තිබෙනවා.

පසුව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කටයුතු කළ බවත් ඊට අදාළව ආගමන හා විගමන පනත යටතේ තමන්ට එරෙහිව ගොනු කළ නඩුව වසර 09කට ආසන්න කාලයක් විභාග කිරීමෙන් පසු තමන්ව අධිකරණය විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු පවසන්නේ,මේ තුළින් සිය කීර්තියට දැඩි ලෙස හානි සිදුවූ බවයි.

ඒ අනුව සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව ද්වේශ සහගත ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන නඩු පැවරීම තුළින් තම කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...