තණමල්විල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක 11 ශ්‍රේණියේ පාසල් දැරියක් වසරක් තිස්සේ අපයෝජනය කළ පාසල් සිසුන් 17දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.
දැරියගේ මව චෝදනා කරන්නේ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙක් දැරිය බිය වැද්දීම නිසා ඇය සිය දිවි නසාගැනීමටද උත්සාහ කළ බවයි.
තණමල්විල ප්‍රධාන පාසලක 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවිය එම පාසලේම සිසුවෙක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුව එම සිසුවා , මෙම දැරිය රවටා මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එහිදී පළමුවරට ඇයව දූෂණය කර තිබෙන අතර අනතුරුව එම නිවෙසේ සිටි තවත් සිසුන් කිහිපදෙනකු මෙම දැරියට බලහත්කාරයෙන් මත්පැන් පොවා අපයෝජනය හා දූෂණය කර එය වීඩියෝගත කර ඇති බව පොලීසිය පවසනවා.
එම සැකකාර සිසුන් මෙම වීඩියෝ පටය දැරියට පෙන්වමින් 2023 වසරේ සිට අවස්ථා 7කදී ඇයව සමූහ දූෂණයට ලක් කර ඇතැයි පොලීසිය සඳහන් කළා.
ඒ සඳහා සම්බන්ධ වී ඇති එම පාසලේ සිසුන් ගණන 17ක්.
එහි ආසන්නතම සිදුවීම පසුගිය දින සිදුව තිබුණේ කිරිඳි ඔය අසලදී ය.
එහිදී සිසුන් 7 දෙනකු එක්ව මෙම දැරිය ඔය අසලට රැගෙන ගොස් සමූහ ලෙස දූෂණය කර එයද වීඩියෝගත කර තිබුණා.
පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු විනය කමිටුවට ද අනාවරණය වී තිබු බව සඳහන්.
විදුහල්පතිවරයා ඇතුළු පාසලේ විනය කමිටුව විසින්ද සිසුවිය හා අදාළ සිසුන්ද ගෙන්වා කරුණු විමසා පාසලට කැළලක් වන හෙයින් මෙම සිදුවීම යටපත් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙළිවි තිබෙනවා.
ඒ , තණමල්විල කලාපයේම ගුරු උපදේශකවරයෙකුගේ පුත්‍රයෙක් ද සැකකරුවන් අතර සිටීම සහ එම සිසුවාගේ මවද පාසැල් ගුරුවරියක් වීම හේතුවෙන්.
තමාට සිදුවූ මෙම අපරාධය සහ හිංසන සම්බන්ධයෙන් දැරිය සිය නිවසේ බිත්තිවල විවිධ චිත්‍ර සටහන් ඇඳ තිබුණි.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිසුවිය පොලිස් ස්ථානයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් තොරතුරු රැසක් අනාවරණ වි තිබුණා.
මෙම සැකකාර සිසුන් විසින් වෙනත් පාසල්වල ක්‍රීඩා තරගවලට ගිය අවස්ථාවන්වලදී වැසිකිළි තුළ හා ක්‍රීඩා විවේකාගාර තුළදීත්, සිසුන්ගේ නිවෙස් තුළදීත් මත්පැන් පොවා මෙම සිසුවිය අපයෝජනයට හා දූෂණයට ලක් කර තිබෙන බව එහිදී අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය යටපත් කළ විදුහල්පතිවරයා ඇතුළු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගත් පොලිසිය සැකකාර සිසුන් 17දෙනෙකු සහ ආධාර අනුබල දුන් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර අපයෝජනයට පත් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළු කළ අවස්ථාවේ එහි වෛද්‍යවරයෙක් දැරිය තවදුරටත් පීඩාවට පත් කළ බව ඇගේ මව චෝදනා කළාය.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියටත් පැමිණිලි කිරීමට දැරියගේ මව පියවර ගෙන ගත්තාය




