Tuesday, April 21, 2026
spot_img
spot_img

චන්ද්‍රිකාගෙන් කාටවත් සහයක් නැහැ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තර​ඟ කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය ඒ බව කියා සිටියේ, අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීයි.

නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශ කළා.

ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබෙනවා.

එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසා ඇත්තේ, තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බව​ත්,අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසයි.

ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවයි ඇය පවසන්නේ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකාවක් බවද පක්ෂයේ අනුසාශකවරිය බව වැඩිදුරටත් සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...