spot_img
spot_img

ලාල්කාන්තව වහාම අත්අඩංගුවට ගන්න – ගම්මන්පිල

අරගල සමයේ පාර්ලිමේන්තුව අත්පත් කරගැනිමට සූදානම් වූ බවට ජාතික ජන බල වේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා පවසා තිබෙන බවත් ඒ සඳහා ඔහුව අත්අඩංගුවට ගතයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

දණ්ඩ නිති සංග්‍රහයට අනුව අපරාධයක් කිරීම හා අපරාධයක් කිරීමට තැත් කිරිම වරදක් බව ගම්මන්පිල මහතා මෙහිදි පෙන්වා දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ අරගලකරුවන් පාර්ලිමේන්තුව අත්පත්කර ගත්තේ නම් බංගලදේශයට සිදු වූ දේ සිදුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා අනුර කුමාර දිසානයක මහතා අතර ගනුදෙනුවක් නොමැති නම් මේ සඳහා නීතිය ක්‍රියාත්මක කල යුතු බවටත් අවධාරණය කලා

ලංකාව, ඇමරිකාව මෙන්ම බංගලාදේශයෙත් අරගලකරුවන් එක බව සඳහන් කළ එ් මහතා ඇමරිකාවේ අරගලකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වු ගම්මන්පිල මහතා

දණ්ඩ නිති සංග්‍රහයට අනුව අපරාධයක් කිරීම හා අපරාධයක් කිරීමට තැත් කිරිම වරදක්.ඔවුන් පාර්ලිමේන්තු අත්පත් කරගෙන මහා විනාශයක් කිරිමට සූදානම් වූවා .ලාල්කාන්ත අවංක මනුස්සයෙක් .ඇත්ත කියනවා.හිතේ තියන දේ කියනවා.මේ අවස්ථාවේදීත් ඇත්ත කියලා තියනවා.ආණ්ඩුව දැන් ලාල්කාන්ත සහෝදරයා අත්අඩංගුවට ගත යුතුයි.ඇමරිකාවේ ඩොනල් ට්‍රම්ප්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණා නම් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය කල ලාල්කාන්තට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න

අද(07) පාර්ලිමේන්තුවේදි ගම්මන්පිල මහතා විසින් මේ බව පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...