spot_img
spot_img

රනිල් රට භාර ගත්ත නිසා අද පාර්ලිමේන්තුව රැස් වෙනවා-රංජිත් සියඹලාපිටි

රට භාර ගැනීම සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය භාර නොගත්තේ නම්, අද පාර්ලිමේන්තුව රැස් වීමට සිදු වන්නේ ගසක් යට බවත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ද සුනුවිසුණු වී තිබෙන්නට ඉඩ තිබූ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එදා සිට අද දක්වා වූ වසර දෙකක කාලය තුළ මෙරට ආර්ථිකමය වශයෙන් ප්‍රගතියක් කරා ගමන් කර ඇති බව සංඛ්‍යා ලේඛන මගින් ම තහවුරු වන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සියඹලාපිටිය මහතා සඳහන් කළේ 2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව මගින් ආර්ථිකයේ සුවිශේෂී වර්ධනය පිළිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර ඇති බවයි.

2023 මුල් මාස හයට සාපේක්ෂව, ආර්ථික වර්ධනය, සංචාරක කර්මාන්තය, විනිමය අනුපාතය, සංචාරක ඉපැයීම්, රාජ්‍ය ආදායම සැලකිය යුතු වර්ධනයක් අත් කරගෙන ඇති බව අමාත්‍යවරයා එහි දී පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මෙහි දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අනාවරණ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අවතීර්ණ වූ සැම්බියාව, ඝානාව සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය සංසන්ධනාත්මකව ඉදිරිපත් කරමින්.

වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේ දී 24.6%ක තිබූ සැම්බියාවේ උද්ධමන වේගය අද වන විටත් පවතින්නේ 15.2% මට්ටමේ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාව 69%ක පැවැති උද්ධමන වේගය අද වන විට 1.7% දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බවත් අමාත්‍යවරයා එහි දී කියා සිටියා.

ආර්ථික වර්ධන වේගය අතින් ද මෙම රටවල් තුන හා සංසන්ධනය කරන විට ශ්‍රී ලංකාව සුවිශේෂී ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...