මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධව පැමිණිලි 121ක් මේ වන විට ලැබී තිබේ.
මේ වන විට ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
මේ අතර ඊයේ දිනය අවසන් වන විට 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් ගණන 22 දක්වා ඉහළ ගොස් තිබේ.
පිළිගත් දේශපාලන පක්ෂ 11ක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ය.
ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයින් 10 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකුත් ඇප තැන්පත් කර ඇත.




