spot_img
spot_img

බංග්ලාදේශ අර්බුදයෙන් කාන්තා ලෝක කුසලානයටත් බාධා

ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව ඇති බවට ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව යන රටවල් තුනෙන් එකකදී පැවැත්වීමට කටයුතු කරන බවයි.

බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව හමුවේ පලා ගිය හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මේ වන විට ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, බ්‍රිතාන්‍යය ඇයට දේශපාලන රැකවරණය මේ දක්වා ප්‍රදානය නොකිරීම හේතුවෙන්.

ඇය ඉන්දියාවේ දිල්ලි නුවර හමුදා කඳවුරක් වෙත ඊයේ පැමිණි අතර පසුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමු වී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...