spot_img
spot_img

කැබිනට් අමාත්‍යාංශ හා පළාත් ප්‍රධාන ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට

සියලු කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු අද (06) මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ලේකම්වරුන් සමග සාකච්ඡා කරන බවයි.

රාජ්‍ය දේපොළ අවභාවිත කිරිම පිළිබඳව පැමිණිලි ලැබි ඇතැයි ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර අමාත්‍යාංශවල දේපොළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් සහ ඒවා භාරව සිටින නිලධාරීන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.

සභාපතිවරයා සඳහන් කළේ, රාජ්‍ය සංස්ථාවල සභාපතිවරුන් ද අද මැතිවරණ කොමිෂණ් සභාව හමුවට කැඳවා ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...