spot_img
spot_img

වාහන හිමිකරුවන්ට අලුත් ආරංචියක්

මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවය.

“අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහනහිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහනහිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේදීම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...