ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර අද (28) පස්වරු 05.00ට පමණ විශේෂ හමුවක් පවත්වා තිබෙනවා.
ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාම පිහිටි නිල නිවසේදී යි.
මෙම හමුව ඔවුන් දෙදෙනා අතර පමණක් සිදුව ඇති අතර, එහිදී සාකච්ඡා කෙරුණේ කුමක් ද යන්න සම්බන්ධයෙන් කිසිවක් හෙළිවී ඇත්තේ නැහැ.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාපත් ගැනීම සඳහා එම පක්ෂයේ විධායක සභාව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ රැස්වීමට නියමිතයි.
හෙට පස්වරු 04 ට කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර පාර්ශ්ව කිහිපයකට බෙදී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි වන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න පිළිබඳව ඔවුන් මෙතෙක් තීරණය කර නැහැ.




