අනුර කුමාර දිසානයක මහතා විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කරමින් සුපිරි ජිවිතයක් ගත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා දානපතියන්ගෙන් මුදල් එකතු කරගනිමින් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට විශාල සේවාවක් සිදුකරමින් ජනතාවගේ හදවත් එකතු කරගන්නා බවත් සමගි ජන බලව්ගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පසුගියදා (25 පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවැසීයග වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළා.
සෑම ගම්මානයකම ප්‍රජා උපදේශන කමිටු පත්කරලා එක් කමිටුවකට රුපියල් ලක්ෂ 10ක් ලබාදීලා ගම්වල සිටින යම් කණ්ඩායමක් ආණ්ඩුවට එකතු කරගැනීමේ වැඩකටයුත්තක් ක්‍රියාත්මක වුණාග කෙසේ නමුත් ප්‍රජා උපදේශන කමිටු පිහිටුවීමට ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවාග ඒ වගේම මැතිවරණ කොමිසම දේශපාලන උත්සව ගණනාවක් අත්හිටුවා තිබෙනවා.
ඒ වගේම විදෙස්ගත ශ්‍රමිකයන්ට මානසික අල්ලසක් ලබාදී ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විගමනික හරසර කියලා වැඩසටහනක් ආරම්භ කර තිබෙනවාග ඒ වැඩසටහන සඳහා මනූෂ නානායක්කාර ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් මගින් විශාල මුදලක් වෙන් කරගෙන තිබෙනවාග ඒ වගේම හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ස්මාර්ට් යූත් කියන නමින් සංගීත සංදර්ශන මාලාවක් රට පුරා දියත් කරන්න කටයුතු කර තිබෙනවාග හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා රටේ තරුණ තරුණියන්ට මානසික අල්ලසක් ලබාදෙන්න කැබිනට් පත්‍රිකාවක් මගින් විශාල මුදලක් වෙන් කරගෙන තිබෙනවාග ඒ වගේම ජනාධිපතිවරයා කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරගෙන තිබෙනවාග ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙනුත් තවත් මුදල් ප්‍රමාණයක් සම්මත කරගත්තා.
රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය උපකරණල ඖෂධ හිඟ මොහොතක අධ්‍යාපන පද්ධතියට අවශ්‍ය මුදල් හිඟ මොහොතක රටේ ජනතාව සහ වෘත්තිකයන්ට ජීවත් වීමට අපහසු මොහොතකල ආර්ථික බංකොලොත්භාවයක තිබියදී තමයි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මහජන මුදල් දේශපාලනික වැඩසටහන් සඳහා වෙන්කරගෙන නාස්ති කරමින් සිටින්නේග දේශපාලන සෙල්ලම් දාලාල දේශපාලන අල්ලස් ලබාදීලා ජාතික ධනය විශාල ප්‍රමාණයක් විනාශ කරලා හමාරයිග ලෝකයට ණය වෙවී ලබාගන්න මුදල් දේශපාලන අරමුණු සඳහා වෙන් කර ගැනීම සහාසික අපරාධයක්.
ජනාධිපතිවරයා එක් අවස්ථාවක රාජපක්ෂවරු සමග ගනුදෙනු කරන්නේ නැති බව පෙන්වීමට උත්සාහ ගන්නවාග තවත් අවස්ථාවක රාජපක්ෂවරු සමග ගනුදෙනු කරන පුද්ගලයෙක් විදිහට පෙනී සිටින්න උත්සාහ කරනවාග ඒ වගේම පොදුජන පෙරමුණෙත් කණ්ඩායම් දෙකක් සිටිනවාග එක් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඉන්නවාග අනිත් කණ්ඩායම බැසිල් රාජපක්ෂල නාමල් රාජපක්ෂ සමග කටයුතු කරනවාග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින පොදුජන පෙරමුණේ කණ්ඩායම රාජපක්ෂවරුන්ගේ පාලනය එපා වුණ කණ්ඩායමක්ග රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන් සමග සිටින මැති ඇමැතිවරුන්ට සියලු වරප්‍රසාද ලබාදෙන්න කටයුතු කර තිබෙනවාග ඒ නිසා රාජපක්ෂවරු සමග සිටි මැති ඇමැතිවරු කණ්ඩායම ජනාධිපතිවරයාට වැඩි කැමැත්තක් දක්වනවා.
රාජපක්ෂවරු සමඟ නැති කණ්ඩායම සමඟ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට ලක්ෂ 5 කට එහා ඡන්ද ප්‍රමාණයක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑග නමුත් රාජපක්ෂවරු සමඟ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් ඔහුට ලක්ෂ 10 ක 15 ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න පුලුවන්ග එසේ සිදුවුණොත් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පාක්ෂිකයෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඡන්දයක් ලබාදෙන්නේ නෑග ඒ පිරිසගේ සහාය හිමිවෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාටග කවුරුන් සමඟ එකතුවුණත් නැතත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයෙන් පරදිනවා.




