ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරය ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය විසින් එල්ලකර ඇති බවට ඊශ්‍රායලය චෝදනා කර සිටිනවා.
නමුත් හිස්බුල්ලා සංවිධානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේ, එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවයි.
ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි.




