spot_img
spot_img

මගේ සහය විජේදාසට – මෛත්‍රී

මෙවර ජනාධිපතිවරණයේදී තම සහය ආචාර්‍ය විජේදාස රාකපක්ෂ මහතාට ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) පැවසුවා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශ්වය විසින් එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ සංවිධායකවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එම වැඩසටහන ඊයේ (27) ආරම්භකර කර ඇති අතර, අද (28) දිනයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පක්ෂ සංවිධායකවරු දැනුවත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වනවිට අභ්‍යන්තර ගැටලු රැසක් මතුව ඇති අතර, එම ගැටලු අධිකරණ ක්‍රියාමාර්ග දක්වා දුරදිග ගොස් තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම හෝ ලකුණින් මෙවර ජනාධිපතිවරණයට කිසිදු පාර්ශ්වයකට ඉදිරිපත්වීමේ හැකියාවක් නොමැති පසුබිමක එම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත්, මේ වනවිට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අතුරුගිරිය ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, සමගි ජනබලවේගය සමග එක්වීමට කිසිදු අවස්ථාවක සාකච්ඡා කර නොමැති බවයි.

ඔහු ප්‍රකාශ කළේ, තමා ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය සමග එක්වීමට සූදානමින් සිටින බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ලද ප්‍රකාශය පදනම් විරහිත බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...