මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් බේරා ගැනීම සම්බන්ධයෙන් ආරක්ෂ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා එරට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, බිම්ස්ටෙක් ජාතික ආරක්ෂ ප්‍රධානීන්ගේ 4 වැනි සමුළුවට සහභාගි වීමට මියන්මාරයට ගොස් සිටින අතරතුර ආරක්ෂක ලේකම්වරයා එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මියන්මාර අග්‍රාමාත්‍ය Min Aung Hlaing මහතා හමුවූ බවයි.
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මුදාගැනීම සඳහා සහාය වන ලෙස ආරක්ෂක ලේකම්වරයා ඉල්ලීමක් කර ඇති අතර, එම ගැටලුව විසඳීමට ප්‍රමුඛත්වය දීම සඳහා වන සිය රජයේ කැපවීම එහිදී මියන්මාර අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.




