spot_img
spot_img

ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලිය බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරගාවලිය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර දැන් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home යන සබැඳිය ඔස්සේ එම ප්‍රවේශපත්‍ර මිලට ගත හැකියි.

එමෙන්ම, හෙට (24) දිනයේ සිට තරඟාවලියේ ප්‍රවේශපත්‍ර කවුන්ටර හරහා මිලදී ගැනීමට හැකියාව පවතිනවා.

තරග තුන බැගින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (22) දිවයිනට පැමිණියා.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්පසුව කොළඹ ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දියා තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිල ගණන් සහ ලබා ගත හැකි ස්ථන පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...