රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.
වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා මෙහිදී භාරගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ඊට අදාළ අයදුම්පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන https://www.presidentsoffice.gov.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් භාගත කරගත හැකි වේ.
කෙසේවෙතත් සියලු යෝජනාවල PDF ආකෘතියේ මෘදු පිටපතක් පමණක් saec@presidentsoffice.lk යන විද්‍යුත් තැපෑලයට යොමුකළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
අදාළ යෝජනා අගෝස්තු මස 9 වන දිනට හෝ එදිනට පෙර යොමුකළ යුතු බව ද මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.




